DMT වැඩ සාමාන්‍ය පරිදි අරඹයි


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව ජුලි 01 දා සිට එම දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව කල් වෙලා ඇතිව දින වෙන් කර ගැනීම අවශ්‍ය නොවන බවත් කාර්යාල පරිශ්‍රයට පැමිණෙන සේවා ලාභීන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටියි.



Recommended Articles